පාසල් නැවත ආරම්භයේදී ප්‍රමුඛතාවය දියයුතු ශ්‍රේණි පිළිබඳව මේ වනවිට සැලසුම් සකස්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්. එම්. ඩී ධර්මසේන මහතා පැවසීය.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මැද භාගය වනවිට පාසල් නැවත ආරම්භ කිරීමේ සැලැස්මක් ඇති බවය.
“උසස් පෙළ ළමයින්, සාමාන්‍ය පෙළ ළමයින් සහ ශිෂ්‍යත්ව ළමයි ටිකට මුලින්ම පාසල් සූදානම් කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඔක්තෝබර් මැද වගේ වෙනකොටවත් කියලා අදහස තියෙනවා. ඒ තීරණය හරියටම කියන්න බෑ. අපිට නියෝග කරලා තියෙන්නේ පාසල් පටන් ගන්න පුළුවන් ළඟම දිනයේදී පටන් ගන්න දැන් සිටම පාසල් සූදානම් කරන්න කියලා. ඒ අනුව ඉදිරි කාලයේදී අපි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැලැස්මක් සකස් කරනවා. ඩෙල්ටා එන්න ඉස්සෙල්ලා අපි කොවිඩ් එක්ක පාසල් පැවැත්වුවා. විභාගත් පැවැත්වුවා. ඒ නිසා ඉදිරි කාලයේදී අපි සැලැස්සමකට වැඩ කරන්න ඕනේ.”
නැවත පාසල් ආරම්භ කිරීමේ වැඩසටහන අඩු ළමුන් සංඛ්‍යාවක් සිටින පාසල්වලින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී සඳහන් විය.
කෙසේවෙතත් නැවත පාසල් ආරම්භ කිරීම රඳා පවතින්නේ කොවිඩ් රෝගය පැතිරයෑම සහ පැතිරයෑමේ සීඝ්‍රතාවය මත බවද අනාවරණය කෙරුණි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්