සිසුන්ගේ ආරක්ෂාව අරමුණු කර ගනිමින් පාසල් සඳහා මේ වන විට ලබා දී ඇති අතුරු නිවාඩුව තවත් සතියකින් දිර්ඝ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පාසල් ජූලි මස 27 වන දා නැවත ආරම්භ කරන අතර එම සතිය තුළ දී පාසලට පැමිණිය යුත්තේ 11, 12 සහ 13 වන ශ්‍රේණිවල ළමුන් පමණක් බව එම අමාත්‍යාංශය පවසයි.
කෙසේවෙතත් රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයන්හි කිසිදු පාසලක් අගෝස්තු මස 10 වන දිනට පෙර විවෘත නොවන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ