මෙවර පාසල් නිවාඩු වාරය අපේ‍්‍රල් 4 වනදායින් ආරම්භ කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
දැනට පවතින දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් පාසල් සිසුන් විවිධාකාරයේ පීඩාවන්ට පත්වන බවයි එම කොමිසම පෙන්වා දී ඇත්තේ.
එමෙන්ම පවතින වියළි කාළගුණය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව සදහන්.
මෙවර සිංහල සහ දමිල අලූත් අවුරුදු උත්සව නිවාඩුව අපේ‍්‍රල් 9 වනදා සිට 17 වනදා දක්වා ලබාදීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට තීරණය කර ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්