පාසල් ප්‍රවාහන සේවා කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත්වීමට සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට (26) දිනයේ සිට ප්‍රවාහන කටයුතුවලින් ඉවත් වන බවයි එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා පවසනවා.
පාසල් යළි ආරම්භ කළද තවමත් සිසු-සිසුවියන් පාසලට පැමිණීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන අතර මේ නිසා පාසල් සිසුන් ප්‍රවාහන සේවා බරපතල දුෂ්කරතාවයට පත්ව තිබෙනවා. මේ වනවිට සීමිත වාහන ප්‍රමාණයක් ධාවනය වන නමුත් තවදුරටත් එම වාහන ධාවනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇති බව රුවන් ප්‍රසාද් මහතා පෙන්වා දෙන්නේ.
“අද ත් අපි වාහන කිහිපයක් ධාවනයේ යෙදෙව්වා. නමුත් හෙට වෙනකොට අපිට දුවන්න ක්‍රමයක් නෑ.
ඒ නිසා අපි හෙට දිනයේ ධාවනයෙන් ඉවත් වෙනවා. ඒකට විසඳුම තියෙන්නේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීම තුළයි. මේකට මැදිහත් වෙලා දෙමාපියන්ගේ සහ දරුවන්ගේ බිය නැති කිරීමට පියවර ගන්න .
මොකද පාසල් පද්ධතිය තිබුණොත් තමයි අපේ ආදායම් මාර්ග දියුණු වෙන්නේ,” යනුවෙන් රුවන් ප්‍රසාද් මහතා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්