බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් සිදුකළ ගංජා මිශ්‍ර බාබුල් අලෙවි කිරිමේ ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගංජා මිශ්‍ර බාබුල් ඇසුරුම් 5,300ක් සොයාගත් අතර, එම එක් ඇසුරුමක් රුපියල් 10 බැගින් අලෙවි කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
පොලීසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබෙනවා.
සැකකරුවන් ඉතාමත්ම සූක්ෂම ලෙස බුත්තල නගරයේ දී මෙම ජාවාරම සිදු කර ඇති අතර පාසල් සිසුන් සහ උපකාරක පංති පැමිනෙන සිසුන් ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම සිදු කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු පනස් හත සහ හැටපහ යන වයස් වල පසුවන බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව බුත්තල පොලිසිය පැවසීය.
More Stories
චීන තානාපතිවරයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර හමුවක්
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජපුර විශ්වවිද්‍යාලයෙන් රුසියානු භාෂා ඩිප්ලෝමා පාඨමාලාවක්