ඉතා ඉක්මනින් පාසල් විවෘත කළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රති ජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. තවදුරටත් පාසල් වසා තැබීම ප්‍රායෝගික නොවන බවයි මහාචාර්යවරිය පෙන්වා දෙන්නේ.
ආසාදිතයන් සැළකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන බොහෝ බටහිර රටවල පවා පාසල් විවෘත කර ඇති බවත්, පසුගිය මැයි මාසය වනවිට පාසල් වසාදැමීමට තීරණය කර තිබුණේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 23 ක් පමණක් බවත් නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
මෙම වසරේදී පාසල් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වූයේ සීමිත දින ගණනක් තුළ පමණක් බවත්, ලබන ජනවාරි දක්වා පාසල් වසා තැබීම කිසිදු තේරුමක් නොමැති ක්‍රියාවක් බවත් ඇය වැඩිදුරටත් පවසනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව