පාසල් සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා කහ වර්ණය අනිවාර්ය කිරීමට තීරණය කර ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
එලෙස කහ වර්ණය භාවිත කිරීම තුළින් අනෙකුත් වාහනවල රියැදුරන්ට පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ පහසුවෙන් හඳුනාගත හැකි බවත් එවිට එම වාහනවලට ඉදිරියට යාමට ප්‍රමුඛතාවය ලැබෙන බව ද මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනයේ දැක්වේ.
පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන සංගම් සහ පොලීසිය ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ(07) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළැඹුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්