දැනට සැලසුම් කර ඇති පරිදි තුන්වන වාරය සඳහා ලබන 9 වනදා පාසල් යළි විවෘත කරන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙම සති අන්තයේදී ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජී එල් පීරිස් මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ගැඹුරු ලෙස අධ්‍යයනය කරමින් පාසල් ආරම්භ කිරීම පිළිබද අවසන් තීරණය ගන්නා බවයි.
එහිදී දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තීරණාත්මක සාධකය වන බවද ජී එල් පීරිස් මහතා අවධාරණය කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි