සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කඩිනමින් පාසල් විවෘත කළ යුතුයි යන්න රජයේ ස්ථාවරය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පන්නිපිටිය ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
පාසල් විවෘත කිරීම සම්බන්ධව ස්ථිර ප්‍රකාශයක් ඇතැම් විට අද දිනයේ සිදු කිරීමට හැකිවනු ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බව ද හෙතෙම කියා සිටියා.
ඔවුන් ලබාදෙන නිර්දේශ සහ මාර්ගෝපදේශයන්ට යටත් ව පාසල් විවෘත කිරීම සිදුවනවා.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එකවර දිවයිනේ සියලු පාසල්ල විවෘත කිරීම අභියෝගයක් බවයි.
කෙසේ වෙතත් සියලු පාසල් ක්‍රමයෙන් විවෘත කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්