6 ශ්‍රේණියෙන් ඉහළ පංතිවල ඉගෙන ගන්නා ශිෂ්‍යාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.
දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන මිලියන 1.2කට අධික ශිෂ්‍යාවන් මාසික ඔසප් වීම හේතුවෙන් දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.
මේ හේතුවෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත.
නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට දිනයේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත.
ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
මෙරට කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබාදිය යුතු බවට සංවාදයක් දේශපාලන කරළියට රැගෙන ආවේ සජිත් ප්‍රේමදාස මහතා විසිනි. 2019 ජනාධිපතිවරණ සමයේදී සිය මැතිවරණ පොරොන්දුවක් වශයෙන් ඒ මහතා මෙය ඉදිරිපත් කළේය.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්