පාසල් ළමුන් ප්‍රවාහන බස්රථ ගාස්තු සියයට 20කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා පෞද්ගලික සංගමය ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ යාම, වාහන නඩත්තු කටයුතුවල මිල ඉහළ යාම හා අමතර කොටස්වල මිල ඉහළ යාම වැනි ආර්ථික ගැටලු හමුවේ මෙම තීරණයට එළැඹුණු බවයි.
ඒ අනුව, ගාස්තු වැඩි වීමේ උපරිමය දුර ප්‍රමාණ අනුව රුපියල් පන්සියයක් වන බවයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් සඳහා වූ ප්‍රවාහන සේවා සංගමයේ රත්නපුර දිස්ත්‍රික් සංවිධායක එම්. සුසිල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේ.
මෙම වැඩි කළ ගාස්තු අයකිරීම ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මකයි
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්