පාසල් 514ක් ලබන මස සිට ඇරඹේ

දකුණු පළාතේ දරුවන් 200ට අඩු පාසල් ඔක්තොම්බර් 15 වනදා ආරම්භ කරන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ යටතේ පාසල් 514ක් 15 වනදා ආරම්භ කිරීමට නියමිත බවයි.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කෙරෙන අතර ඒ ප්‍රදේශයේ කොවිඩි මර්ධන කමිටු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු , විදුහල්පතිවරු, ගුරුවරු සහ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින්.

එහිදී හදුනාගන්නා ගැටලු‍ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කර උපදෙස් ලබා ගැනීමට නියමිතයි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com