පාස්කු ප්රහාරය සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කීහ.
මෙම කොමිසමෙන් යම් යම් තොරතුරු හෙළි කරගෙන ඇතත් ප්රහාරය පිටුපස සිටින අය, එයට මුදල් දුන් අය, කොමිසම විසින් හෙළි කරගෙන ඇති බව පෙනෙන්නට නැතැයි පැවැසූ අගරදගුරුතුමෝ ජනාධිපති කොමිසමේ ලියවිල්ල සර්ව සම්පූර්ණ එකක් නොවේ යැයි පැවැසූහ.
මෙම බෝම්බ ප්රහාරයෙන් කැබලිවලට කැඩිගිය අයගේ සිරුරු තමා සියැසින් දුටු බවත් මෙයට සම්බන්ධ අය හෝ දේශපාලනඥයෝ ඒවා දැක්කා ද යන්න තමා නොදන්නා බවත් කාදිනල් තුමෝ වැඩිදුරටත් පැවැසූහ.
කෙසේවෙතත් පසුගිය සතියේ කතෝලික සභාව මෙම පාස්කු වාර්තාව පිළින්නා බව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කර තිබිණ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව