පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමන් වෙත ලබාදෙන්නැයි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමිනුයි.
එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ පිළිබඳ කඩිනමින් තමා දැනුවත් කරන්නැයිද අගරදගුරු හිමිපාණන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි අගරදගුරු මාධ්‍ය ඒකකය සඳහන් කලේ.
පාස්කු ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව පසුගිය 01 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.
මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සභාගත කරන ලෙස විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් අද (08) පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කර තිබුණා.
එහෙත් ආණ්ඩු පක්ෂයෙන් ඊට සුභවාදී ප්‍රතිචාරයක් නොලැබුණු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියාසිටියේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්