පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මාර්තු 10 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
මාර්තු 10 වැනිදා පෙරවරු 10 ට සභාවේ කටයුතු ආරම්භ වන අතර පෙරවරු 11 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා. පෙරවරු 11 ට ආණ්ඩු පක්ෂ විසින් පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳ කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඉන්පසු පස්වරු 5.30 දක්වා ඒ පිළිබඳව විවාදය පැවැත්වේ.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව