පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ හෙළිකරනු ඇතැයි බලාපොරොත්තු වෙන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (04) 73 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දෙව් මැදුරේ පැවති දේව මෙහයට එක්වෙමිනි.
එමෙන්ම එම නිර්දේශ ක්‍රියාත්මක කරනු ඇති අතර පෙර සේ එය රතු පලස යට නොසඟවනු ඇති බවත් එසේ කළ හොත් ඒ හරහා රටේ ජීවත් වීමට බැරි පරිසරයක් උදාවනු ඇති බවයි කාදිනල් හිමියන් කියා සිටියේ.
”රට ඇතුලේ අපි අතර තිබෙන ප්‍රශ්න විසඳා ගන්නට අපි අපිම එකතු වෙලා අවංකව එකිනෙකාට අත දිගුකරලා සාකච්ජා කරලා ඒවා විසඳ ගන්නේ නැතිව පිට රටවල්වලට යනවා ඒ ප්‍රශ්න විසඳා ගන්නට. ඒකෙන් වෙන්නේ මේ රටේ නිදහස නැවත වරක් නැති වීමේ භයානක තත්ත්වයකට අපි අද වැටෙන එක පමණයි. 2019 අප්‍රේල් මාසේ 21 වැනිදා මේ රටේ සිදු වෙච්ච ඒ මහා ව්‍යසනය අපේ සිතට මේ අවස්ථාවේදී මතක් වෙනවා. වසර 30ක පමණ විශාල යුද්ධයකින් පස්සේ රට ආපහු ගොඩනැගෙන්නට පටන් ගත්තා. ඒ ගොඩනැගීම නැවත වරක් භේදයකට හරවන්නට කටයුතු කළේ කවුද? පාස්කු කොමිෂන් සභාවේ ඒ වාර්තාව නිකුත් කරලයි තියෙන්නේ. එය ජනාධිපතිතුමාට භාර දීලයි තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ රජය පාස්කු කොමිසමේ ඒ ඔවුන්ගේ නිර්දේශ මොනවද කියල රටට හෙළිදරව් කරයි කියල. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරයි කියලා. එහෙම නැතුව ඒක රතු පලස යට හංගලා තියන්නට වෙනදා කරා වගේ අපේ නායකයෝ කරන්නට ගියොත් අපේ රටේ අපිට ජීවත් වෙන්නට බැරි පරිසරයක් උද වෙනවා.” යනුවෙන් වැඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්