පාස්කු ප්රහාරයට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නිල නිවස වෙත අද උදෑසන 09.30 පමණ පැමිණියා.
එම කොමිෂම විසින් මීට පෙර දැනුම් දුන්නේ හිටපු ජනපතිවරයාට අද (26දා) දිනයේදී එහි පොලිස් ඒකකය වෙත ප්රකාශයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව පොලිස් ඒකකය හිටපු ජනපතිවරයාගේ නිල නිවසට ගොස් පැය 3කට අධික කාලයක් එම ප්රකාශය සටහන් කර ගැනීමට කටයුතු කර තිබුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්