ඇතැමුන් හොරුන්ට දඩුවම් දෙන බව පැවසුවත් දඬුවම් දෙන ක්‍රමවේදය කුමක් දැයි පවසන්නේ නැති බවත් සමගි ජන බලවේගය ඒ සඳහා ක්‍රමවේදයක් ඉදිරිපත් කොට ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී නිරුත්තර රටක උත්තරය මැයෙන් පැවැති සමගි ජනබලවේගයේ මංගල ජන රැළිය අමතමිනි.සමගි ජනබලවේගයේ නායකයින් ඇතුළු විශාල පිරිසක් එයට සහභාගි වූහ.
ඉතිහාසයේ පළමු වතාවට මෙවර සමගි ජන බලවේගයෙන් පළාත් පාලන නියෝජිතයින් පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් කිසිවකුට වංචා දූෂණ සිදුකිරීමට ඉඩ නොතබන බවද පැවසීය.ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, රටපුරා සියලු ප්‍රාදේශීය සභා නොනිදන ප්‍රාදේශීය සභා බවට පත් කරන බවද පැවසීය.
ප්‍රාදේශීය සභාවේ සභාපතිට හෝ උප සභාපති ද එක්ව අයථා ගනුදෙනු සිදු කිරීමට ඉඩ නොලැබෙන පරිදි සියලු ගම් නියෝජනය වන ආකාරයේ අධීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ඊට තරුණ නියෝජිතයින් පත් කරන බවද පැවසීය.
රට පුරා පළාත් පාලන ආයතන ගොඩනැගීම උදෙසා කැපකරු ක්‍රමයක් ඇති කිරීමත්,ලෝකයේ පළාත් පාලන ආයතන ක්‍රමය ස්ථාපිතව ඇති රටවල් සමඟ මිත්රත්ව පළාත් පාලන ආයතන වැඩපිළිවෙළක් සකස් කිරීමත්,සෑම මොහොතක්ම මහජන සුබසිද්ධිය උදෙසා කැපවන පළාත් පාලන ආයතන පද්ධතියක් නිර්මාණය කිරීමත් සිය ඒකායන අරමුණ බවද පැවසීය.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට