පාස්කු ඉරුදින ප්රහාරයෙන් පසුව මෙරට කිතුණු ජනතාව පලිනොගන්නා පිරිසක් බව ලෝකයටම පෙන්වූ බවත් කිතුණු ජනතාව යේසුස් ක්රිස්තුස්වහන්සේ කුරුසයේ ඇණ ගැසූ අයට සමාව දෙන ලෙස යාඥා කළ බවත් එලෙසම පාස්කු ප්රහාරය සිදු කළ අයටත් වෛර නොකිරිමෙන් එම පණිවිඩය ලෝකයට ගෙන ගිය බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (17) කොළඹ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයේ පැවැති අලු බදාදා තතාරික කාලය නිළ වශයෙන් ආරම්භ කෙරෙන අවස්ථාවට එක් වෙමිනි.
මෙරට ජීවත් වන සියලු ජාතින් ආගම්වලට අයත් ජනතාවට සමගියෙන් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් තතාරික සමයේ මෙරට ජාතික ආගමික එකමුතුව වෙනුවෙන් යාඥා කරන ලෙසයි උන්වහන්සේ කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලාසිටියේ.
ඒ සඳහා තතාරික සමය ආයුධයක් කරගන්නා ලෙසත් 2019 තතාරික සමය නිමවීමෙන් පසුව එළැඹි පාස්කු ඉරු දින සිදු කළ ම්ලේච්ඡ ප්රහාරයෙන් තුවාල වූ රට සුවපත් කරදෙන ලෙසට යාඥා කරන්නැයිද උන්වහන්සේ මෙරට කිතුණු ජනතාවගෙන් ඉල්ලා සිටියහ.
එමෙන්ම ”පාස්කු වැඩපිළිවෙළ ගැන සෑහිමකට පත්විය හැකිද කියා මට කියන්න බැහැ. ඒ සම්බන්ධයෙන් ප්රශ්නාර්ථයක් තිබෙනවා. 269 දෙනෙකුගේ අහිංසක ජීවිත බිළිගත් ඒ ම්ලේච්ඡ ප්රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන්ට දඩුවම් දීමට දෙවියන්වහන්සේගේ අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් ඒ දරුණු ඛේදවාචකය සිදු කළ අන්තවාදීන් හෝ කණ්ඩායමට නැවතත් මේ රට වෙලා ගැනීමට ඉඩ නොතැබිය යුතු වන බවත් එහි අග මුල සොයා දඩුවම් ලබා දීම සමාජ වගකීමක්” බවද උන්වහන්සේ අවධාරණය කළහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්