පාස්කු ප්රහාරය සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතරින් ජීවත්ව සිටින එකම පුද්ගලයා වන සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී මහේන්ද්රන් සම්බන්ධයේ රජයේ අවධානය යොමු නොවීම සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. සහරාන් ඇතුළු කණ්ඩායමේ සියලු විස්තර දන්නා ජීවත්ව සිටින එකම පුද්ගලයා ඇය බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් තහවුරු වී ඇති නිසා පාස්කු ප්රහාරය පිටුපස සිටින සැබෑ පුද්ගලයන් කවුද යන්න ඇය හරහා හෙලිදරව් කරගත හැකි බවද මන්ත්රීවරයා පවසනවා.
සාරා ජෙස්මින් ඉන්දියාවට පලාගොස් සිටින බවත් ඊට සම්බන්ධ කලවංචිකුඩි පොලීසියේ පොලිස් නිළධාරියා රහස් පොලිස් අත්ඩංගුවේ පසුවන බවත් පෙන්වා දෙන මන්ත්රීවරයා පවසන්නේ සරා ජෙස්මින් ගෙන්වා ගැනීම සඳහා ආණ්ඩුව කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි. පසුගිය කාලයේදී ඉන්දියානු රජයේ ප්රධානීන් කිහිප දෙනෙකු මෙරටට පැමිණි සිටි නමුත් ඔවුන්ගෙන් හෝ මේ පිළිබඳව ඉල්ලීමක් සිදුකර නොමැති බව මන්ත්රීවරයා පවසනවා.
තමා මේ සම්බන්ධයෙන් පාස්කු කොමිසම ඉදිරියේදී මෙන්ම පාර්ලිමේන්තුවේදීද විමසූ බවයි මජිබර් රහුමාන් මහතා පවසන්නේ.
මෙම තත්වය හමුවේ ඉන්දියාව සාරා ජෙස්මින් භාවිතා කරමින් ශ්රී ලංකා රජයට අනිසි බලපෑම් කරන්නේද යන්න පිළිබඳව බරපතල සැකයක් මතුවන බවත්, ඒ සම්බන්ධයෙන් සැකය නිරාකරණය කිරීම ආණ්ඩුවේ වගකීම බවත් මුජිබර් රහුමාන් මහතා පවසනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව