හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගකිව යුතු බව සමඟ ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර අප්‍රේල් 21 ප්‍රහාරය සහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද පසුගියදා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබුණා.
ඔහු සඳහන් කර තිබුණේ එම ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් තානාපති ධුරයක් ලබා දෙන බවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබූ බවයි.
ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අවස්ථාවේයී.
එමෙන්ම ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගෙන පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් වුවහොත් මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ මලල්ගොඩ කමිටුවේ වාර්තාව ද වෙනස් කිරීමට ද කටයුතු කරන බව හිටපු ජනාධිපතිවරයා පොරොන්දු වී තිබූ බවත් හේමසිරි ප්‍රනාන්දු මහතා එහිදී ප්‍රකාශ කර තිබුණා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්