පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ සඳහන්ව තිබෙන්නේ මොනවාද යන්න පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙන නමුත් මේ දක්වා එම වාර්තාව ප්රසිද්ධියට පත්කර නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී අනුර දිසානායක මහතා පවසනවා. අදාල වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටි නමුත් මෙතෙක් ඊට ප්රතිචාර දක්වා නොමැති බවයි ඔහු පවසන්නේ.
මෙම කොමිසම පත්කළේ රාජපක්ෂ පවුලේ ඉඩම් අරවුලක් විසඳා ගැනීමට නම් වාර්තාව පිළිබඳව දැන ගැනීමට ජනතාවට අයිතියක් නොමැති බවත්, එහෙත් මෙම කොමිසම පත්කළේ රටේ ආරක්ෂාවට අදාල ගැටලුවක් පිළිබඳව බැවින් හා කොමිසමේ කටයුතු වෙනුවෙන් වැය කළේ මහජනයාගේ මුදල් බැවින් එම වාර්තාව පිළිබඳව දැන ගැනීමේ අයිතියක් ජනතාවට තිබෙන බවයි දිසානායක මහතා පවසන්නේ.
මෙම ප්රහාරය සැළසුම් කළේ කවුද, එම ප්රහාරය සැළසුම් කළේ කවුද, ප්රහාරය පිටුපස සිටි සැබෑ මොළකරුවන් කවුද යන්න සැඟවීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත්, පසුගිය කාලසීමාව තුළ පාස්කු ප්රහාරයේ දඩයම කරේ තබාගෙන ගියේ කවුද යන්න පිළිබඳව විමසා බැලීමෙන් එය තහවුරු කරගත හැකි බවත් අනුර දිසානායක මහතා පවසනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්