එක්දින හා සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමට පැමිණීමේදී කළින් දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණෙන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පසුගිය 17 වැනිදා සිට එය අනිවාර්යය වුවද සේවාලාභින් බොහෝ පිරිසක් කළින් දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව සේවා ලබා ගැනීම සඳහා පැමිණෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක් දින හා සාමාන්‍ය සේවය යටතේ මින් ඉදිරියට කලින් දිනයක් හා වෙලාවක් වෙන් කරගත් අයදුම්කරුවන් සඳහා පමණක් සේවා සැපයීම සිදු කරන බව එම නිවේදනයේ සඳහන්.
දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මඟින් හෝ 0707 1010 60 දුරකතන අංකය ඇමතීම හරහා දිනයක් හා වෙලාවක් වෙන් කරගත හැකියි.
රජයේ වැඩ කරන දිනවල පෙරවරු 8:30 සිට පස්වරු 3:00 දක්වා අදාළ පහසුකම් සපයා තිබෙනවා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ