සෞඛ්‍ය අංශ වලින් කොල එළිය දැනුනු වහාම දිවයිනේ පාසල් විවෘත කිරීමට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ පාසැල් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු පැවසීය.
ඒ අනුව පාසල් විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් මෙම සාකච්ඡාවෙන් පසු අධ්‍යාපන ඇමතිවරයාට ඉදිරිපත් කරන බවද පැවසූ ලේකම්වරයා කොරෝනා වසංගතයේ පවතිද්දී පසුගිය කාලයේදී පාසල් පවත්වාගෙන ගිය ක්‍රමවේදය මේ දිනවල සමාලෝචනය කරන බවද කීය.
ගුරුවරුන්ගෙන් 88%කට පමණ මේ වන විට කොරෝනා මර්ධන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති බවත් එහි දෙවැනි මාත්‍රාවන් මේ දිනවල ලබාදෙමින් යන බවත් ඔහු තවදුරටත් පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්