එළඹෙන 23වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත පාසල්වල සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ඉගැන්වීම් කළයුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
ඒ අනුව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 06 සිට13 ශ්‍රේණි දක්වා පාසල් පැවැත්වීමේ පසුබිම සකස්කිරීමේ වගකීම් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙනවා.
විදුහල්පතිවරයා විසින් ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය නිලධාරී, ග්‍රාම නිලධාරී, පාසැල් සංවර්ධන සමිති නියෝජිතයෙක් සහ ආදී ශිෂ්‍ය නියෝජිතයෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ගතයුතු බවද, කමිටු නිර්දේශ අදාළ අධ්‍යාපන කලාප භාර කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා වෙත යොමු කළයුතු බවද එම නිවේදනයේ දැක්වෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්