ඕස්ට්‍රේලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිඛෙනවා.
ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ දේශීය මෙන්ම ජාත්‍යන්තර තරගවලින්ද ඔහු සමුගන්නා බවයි.
අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක්.
ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ටිම් පේන් පසුගියදා වරද පිළිගෙන නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.
ඕස්ට්‍රේලියා නව ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස පැට් කමින්ස් පත් කර තිබෙනවා.
ඔහු එරට 47වන ටෙස්ට් නායකයායි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි