කොරෝනා වෛරසයට එරෙහිව අළුතෙන් සොයා ගත් බව කියන පැණිය සම්බන්ධයෙන් අපට ලොකු විශ්වාසයක් පැවති නමුත් ඊයේ සිදු වූ සිදුවීමෙන් එම විශ්වාසය සම්පූර්ණයෙන් නැති වූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (17) ජාතික විද්වත් සංඝ සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
එම බෙහත කාලි අම්මාගේ බෙහෙතක්ය කියූ විට ඒ ගැන පැවති විශ්වාසය නැති වී ගිය බවයි උන්වහන්සේ පැවසුවේ.
ඒ අනුව මේ රටේ කිසිම බුද්ධිමතෙකුට කාලි අම්මාගේ බෙහෙත පිළිගත නොහැකි බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි