මුල් පෙල පිතිකරු පැතුම් නිස්සංක හට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය අහිමි වනු ඇති බව වාර්තා වනවා.
පුහුණුවීම් අතරතුර දී ඔහු පිට කොන්දේ ආබාධයකට ලක්වීම ඊට හේතුවයි.
නිස්සංක වෙනුවට කුසල් මෙන්ඩිස් දෙවැනි ටෙස්ට් තරගය සදහා කැදවීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
පාදයක ආබාධයක් හේතුවෙන් ළහිරු කුමාරට ද දෙවැනි ටෙස්ට් තරගය අහිමිව ඇති අතර ඔහු වෙනුවට දුෂ්මන්ත චමීර කණ්ඩායමට ආදේශ කරනු ඇති.
ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට බැංගලූරුහී දී දිවා රාත‍්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතයි.
ක‍්‍රීඩාංගනයේ සම්පූර්ණ පේ‍්‍රක්ෂක ධාරිතාවයට තරග නැරඹීම සදහා ප‍්‍රාන්ත රජයෙන් අවසර ලැබී ඇති බවයි කර්නාටක ක‍්‍රිකට් සංගමය නිවේදනය කළේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි