කලවා ආබාධයක් හේතුවෙන් පැතුම් නිශ්ශංක හට එළඹෙන බංගලාදේශ් ටෙස්ට් තරඟාවලිය අහිමි වනු ඇතැයි වාර්තා වනවා.
සිය මංගල ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කළ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක පිතිකරු පැතුම් නිශ්ශංක සමත් වුණා.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඇන්ටිගුවාහිදී පැවැත් වූ පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනයේදීයි.
පන්දු 252කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමග පැතුම් නිශ්ශංක රැස් කළ ලකුණු සංඛ්‍යාව 103ක්.
මීට පෙර සිය මංගල ටෙස්ට් තරගයේදී ශතක වාර්තා කර ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ සහ තිලාන් සමරවීරයි.
ඔවුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ තරගවලදී එම ශතක වාර්තා කර තිබෙනවා.
ඒ අනුව විදෙස් රටකදී සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා ලෙසටද පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක් වනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි