කොවිඩ් වසංගත තත්වය මර්දනය කිරීම නිසි පරිදි සිදුවීමට නම් එන්නත්කරණ ක්‍රියාවලිය විධිමත් ලෙස සිදුවිය යුතු බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා. කෙසේ නමුත් කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව තවමත් බරපතල ගැටලු රැසක් පවතින බවයි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.
එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා අනුපිලිවෙල පළමු අවස්ථාවේ සිටම උල්ලංඝනය වූ බවත්, අනිවාර්යෙන් එන්නත් හිමිවිය යුතු පුද්ගලයන් සිටියදී විවිධ බලපෑම් මත වෙනත් පුද්ගලයන් එන්නත් ලබා ගත් බවත්, එම තත්වය තවමත් දක්නට ලැබෙන බවත් ඔහු සඳහන් කරනවා.
මීට අමතරව එක් එන්නත් කුප්පියකින් ලබාදිය හැකි එන්නත් මාත්‍රා ප්‍රමාණය සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් සෞඛ්‍ය බළධාරීන්ට නොමැති බවත් මෙම තත්වය හමුවේ නියමිත මාත්‍රාව ලබා දෙන්නේද යන්න ගැටලුසහගත බවත් රවී කුමුදේශ් මහතා අවධාරණය කරනවා. එසේම ඖෂධ ගබඩාවලින් නිකුත් කරන එන්නත් ලබා දෙන්නේ කාටද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු සටහන් කර නොගැනීම හේතුවෙන් අදාල එන්නත් කුප්පියෙන් එන්නත් ලබා දුන්නේ කාටද යන්න පිළිබඳව හඳුනා ගැනීමට නොහැකි වන බවද කුමුදේශ් මහතා පවසනවා.
සමස්තයක් ලෙස, පැනඩෝල් පෙත්තට තිබෙන වගවීමවත් කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් නොමැති බවයි ඔහු පවසන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්