රැදවියන්ට අමුත්තන් හමුවීම සඳහා පනවා තිබූ තහනම ලබන 15 වනදා සිට ඉවත් කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.
නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබුණු බවයි ඔහු ප්‍රකාශ කළේ.
එක් රැදවියෙකු බැලීම සඳහා අමුත්තෙකුට සතියකට එක් වතාවක් පමණක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව රැදවියෙකුට ලබාදීමට රැගෙන ආ හැක්කේ දත් බුරුසු, දන්තාලේපන, සබන් ඇතුලු සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලය පුරා රැදවියන්ට අමුත්තන් බැලීම අත්හිටුවනු ලැබුවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්