ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරුවලන් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබෙනවා.
එම කාලය තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 90 ක්.
පසුගිය දෙසැම්බර් 20වන දින සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 74 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
එම කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 149 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළා.
බීමත් රියදුරන් 2,045ක් එම කාලය තුළ අත්අඩංගුවටගෙන තිබෙනවා.
මේ අතර ගතවූ පැය 24 තුළ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි