යාපනයේ ගම්මානයන් දෙකකට පිවිසෙන ප්‍රධාන මාර්ග අවහිර කරමින් සීමා පනවා තිබේ.
ඒ අනුව යාපනය ගුරුනගර් සහ පාසෙයියූර් යන ගම්මාන වලට ඇතුළුවන මාර්ග අවහිර කරමින් සීමා පැනවීමට පොලීසිය, සෙ$ඛ්‍ය නිලධාරීන් සහ යුද හමුදාව කටයුතු කර ඇත.
අදාළ ගම්මානවල පදිංචි මාළු ව්‍යාපාරකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
මොවුන් පෑලියගොඩ මාළු වෙළෙද සංකීර්ණයට ගොස් ඇති බවට තොරතුරු අනාවරණයවීමෙන් පසු පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර ඇත.
එහිදී තහවුරු වී ඇත්තේ මොවුන්ට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සදහන් කළේ මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් හදුනාගන්නා තුරු ගුරුනගර් සහ පාසෙයිඌර් යන ගම්මාන සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගන්නා ලෙස සෙ$ඛය අමාත්‍යංශය ද දැනුම් දුන් බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්