පෑලියගොඩ පොලිසියේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
අද දිනය වනවිට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 235 කට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඉන් සුව වූ නිලධාරීන් සංඛ්‍යාව 06 ක් වන අතර මේ වන විට තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 229 ක්.
නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 302 ක් බවද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති නිලධාරීන් සංඛ්‍යාව 1,425 ක් බවද බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට