පිටකොටුව ප්‍රදේශයේ පිහිටි තොග වෙළදසැල් දිනපතා උදෑසන 5 සිට දහවල් 2 දක්වා විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.
රටතුල පවතින අවදානම් තත්වය හමුවේ සියයට 50 ක සේවක සංඛ්‍යාවක් පමණක් සහභාගී කර ගනිමින් මෙම තොග වෙළදාම් කටයුතු සිදුකරන බවයි පිටකොටුව තොග වෙළද සංගමයේ ලේකම් එන් ඉලමනාදන් මහතා කියා සිටියේ.
මහජන සෙඛ්‍ය පරීක්ෂකවරුන්ගේ නිරන්තර අධීක්ෂණයයටතේ සෞඛ්‍යාරක්ෂිතව වෙළදාම් සිදුවෙන අතර අඩුවකින් තොරව සියලුම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොග පිටකොටුව තොග වෙළදසැල්වල පවතින බවද එන් ඉලමනාදන් මහතා ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්