රජය ආනයනය කරන පළමු සහල් තොගය අද (11) මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යංශය පවසයි.
වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් සහල් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගිය දා තීරණය කර තිබුණි.
ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ජනතාවට සැපයීම සිදුකරන බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය.
සතොස ආයතනය හරහා ගෙන්වා ඇති එම සහල් තොගය සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් ජාලය හරහා අලෙවි කිරීමට නියමිතය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ