රජය කරන සංවර්ධන ව්‍යාපෘති ගැන ජනතාව අතරට යාමක් සිදු නොවූ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සත්‍ය යටපත් වී අසත්‍ය ඉහළට මතුවී තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා.
පාරිසරික දේශගුණික වපර්යාසවලට මුහුණ දිය හැකි තිරසර සංවර්ධන වැඩපිළිවෙලකට රජය එලඹී ඇති බවත් ඒ අනුව රසායනික පොහොර ආනයනය තහනම් කළ බවද ජනාධිපතිවරයා සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සෘජු තීරණයක් ගැනීමේ හැකියාවක් වෙනත් කිසිඳු රජයකට හැකියාවක් නොතිබූ බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. පිටරටින් පොහොර ආනයනය තහනම් කිරීම හදිසි තීරණයක් නොවන බවත් ඊළඟ කන්නය සඳහා අවශ්‍ය පොහොර මේ වන විටත් ගෙන්වා තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කළේ, කාබණික පොහොර මෙට්‍රික් ටොන් 8000 ක් මේවන විටත් ගොවීන්ට බෙදා දී තිබෙන බවයි. ක්‍රමයෙන් කාබණික පොහොර භාවිතය වර්ධනය කළ යුතු බවත් ඒ මඟින් ප්රතිලාභ රැසක් ලැබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්