ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද (11) පැවැත්වෙයි.
එම තරගය පැවැත්වෙන්නේ ඩුබායි හීදී ය.
එහෙත් අද (11) උදෑසන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තකළේ පාකිස්තාන කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙක් අසනීප වී ඇති බවය.
ඔවුන් ඊයේ පුහුණුවීම් සඳහාද එක් වී නොතිබුණි.
පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඔවුන් දෙදෙනා අසනීප වීම පිළිබඳව විවිධ තොරතුරු අන්තර්ජාලය හරහා සංසරණය විය.
එම ක්‍රීඩකයින් දෙදෙනා උප නායක මොහොමඩ් රිස්වාන් සහ ෂොයිබ් මලික් බව පසුව වාර්තා විය.
සමහරු පැවසුවේ ඔවුන් අද පැවැත්වෙන තරගයට සහභාගී වේදැයි යන්න අවිනිශ්චිත විය හැකි බවය.
නමුත් පාකිස්තාන ක්‍රිකට් බලධාරීන්ට සැනසුම් සුසුම් හෙළිය හැකි පුවතක් පසුව වාර්තා විය.
ඒ, එම ක්‍රීඩකයින් දෙදෙනාට සිදුකළ කොවිඩ් පරීක්ෂණය අනුව ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී නොමැති බව ට වාර්තා වීමය.
ඒ අනුව ඔවුන් දෙදෙනා අද තරගයට ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි