භූමිකම්පාවෙන් විනාශ වූ හයිටි රාජ්‍යයේ ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා උපකාර කිරීමට සූදානම් වී ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ‘සින්සිනති විවෘත’ ටෙනිස් තරගාවලියෙන් ලැබෙන මුදල් සියල්ල මෙලෙස හියිටි රාජ්‍යය වෙනුවෙන් පරිත්‍යාග කරන්නට නයෝමි තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත ‘හයිටියේ සිදු වන සියලු විනාශයන් දැකීම ඇත්තෙන්ම මට වේදනාවක්, මේ නිසාම ජීවිතයේදී අපට ඇත්තෙන්ම විවේකයක් ගත නොහැකි බව හැඟේ. මම මේ සතියේ තරඟාවලියකට ක්‍රීඩා කිරීමට සිටින අතර හයිටි සඳහා වන සහන කටයුතු සඳහා මම සියලුම ත්‍යාග මුදල් ලබා දෙන්නෙමි. මම දන්නවා අපේ මුතුන් මිත්තන්ගේ රුධිරය ඉතා ශක්තිමත්’ යැයි පැවසුවාය.
මෙම තරගාවලියේදී කාන්තා ශූරියට සඳහා ඇමරිකානු ඩොලර් 225,020 ක මුදලක් ලබා දීමට නියමිත අතර එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි.
ජපාන මවකට සහ හයිටි රාජ්‍යයේ පියෙකුට දාව උපත ලබා ඇති නයෝමි මේ වනවිට ඇමරිකානු පුරවැසියෙකි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි