අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ධූරයෙන් නික්ම යාමට පෙර ඔහුගේ බාල දියණිය ධවල මන්දිරයේදී විවාහ ගිවිස ගෙන තිබේ. එලෙස විවාහ ගිවිසගනු ලැබුවේ, ජනපති ට්‍රම්ප්ගේ දෙවන විවාහයේ එකම දරුවා වන ටිෆනි ආරිආනා ට්‍රම්ප් ය .
27 හැවිරිදි ටිෆනි නයිජිරියානු සමාගම් සමූහයක හිමිකරුවකු වන 23 හැවිරිදි මයිකල් බූලොස් නමැති ව්‍යාපාරිකයෙකු සමග එලෙස විවාහ ගිවිස ගෙන ඇත.
” තම පවුලේ අවස්ථා රැසක මතක සටහන් ඇති ධවල මන්දිරයේදී සිය පෙම්වතා විසින් සිදුකළ විවාහ මංගල යෝජනාව ගැන තමන් සතුටට පත්වන බවත් එය ඉතා සුවිශේෂී අවස්ථාවක් බවද ඇය කියා සිටියා”
ටිෆනි නීති උපාධිධාරිනියකි. ටිෆනි විවාහ ගිවිස ගැනීමෙන් පසු ධවල මන්දිරයේදී බූලොස් සමග පෙනී සිටින ඡායාරූපයක් Instagram ගිණුමේ පළ කර තිබුනි.


More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්