පිරිවෙන් 300 ක් සඳහා ටැබ් යන්ත්‍ර

පිරිවෙන් 300 ක් සඳහා ටැබ් පරිගණක 10 බැගින් ලබාදෙන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව මාර්ගගත හා දුරස්ථ අධ්‍යාපනික කටයුතු පවත්වාගෙන යාම සඳහා පරිගණක හා ටැබ් යන්ත්‍ර ඇතුළු තාක්ෂණික උපකරණ හා ඩිජිටල් යටිතල පහසුකම් සපයාදීමේ වැඩපිළිවෙළ යටතට පිරිවෙන් අධ්‍යාපනය ද ඇතුළත් කර මේවා ලබාදීමට නියමිතයි.

පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com