පාර්ලිමේන්තු මන්ත්‍රී ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව අද මඩකලපුව මහාධිකරණයට දැනුම් දුන්නා.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.
මඩකළපුව මහාධිකරණයේදී නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දි නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.
ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට