දැනට රක්ෂිත බන්ධනාගර ගත කර සිටින සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ට ලබන 20 වැනිදා පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා රැස්වීම සඳහා සහභාගී වීමට මඩකළපුව මහාධිකරණය විසින් අවසර ලබා දී තිබේ.
පසුගිය මහ මැතිවරණයෙන් මඩකළපුව දිස්ත්‍රික්කයෙන් තරඟ කර වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වූ ඔහු තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂයේ නායකයා වෙයි.
සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා විසින් ඉදිපත්කළ පෙත්සමක් අද (18) මඩකළපුව මහාධිකරණ හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කර ඇත.
2005 වර්ෂයේ දී මඩකළපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්