වත්මන් සාගර තත්ත්වය නිසි ලෙස කළමණාකරණය ප්‍රමුඛතම කරුණක් බව චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පවසයි.පිලිපීන විදේශ කටයුතු ලේකම්වරයා සමග ඊයේ(20) පැවති දුරකථන සංවාදයක දී හෙතෙම මේ බව පැවසීය.චීන පිලිපීන සබඳතාවන් ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දීමට බලපා ඇත්තේ පිලිපීනය සිය ප්‍රතිපත්ති වෙනස් කිරීම , ප්‍රතිඥා කඩ කරමින් සාගර ප්‍රදේශයේ නිරතුරුව සිදු කරන ප්‍රකෝපකාරී ක්‍රියා සහ චීනයේ නීත්‍යනුකූල අයිතීන් නොසලකා හැරීම බව චීන විදේශ ඇමතිවරයා අවධාරණය කළේය.
ද්විපාර්ශ්වික සබඳතා තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබේ. එහි අනාගතය තීරණය කළ යුතුව ඇති අතර පිලිපීනය වඩාත් ප්‍රවේශම් සහගතව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
එම දුරකථන සංවාදයේ දී අදහස් දැක්වූ පිලිපීන විදේශ ලේකම්වරයා කියා සිටියේ දෙපාර්ශ්වයටම පිළිගත හැකි අයුරෙන් වෙනස්කම් කළමණාකරණය කර ගනිමින් තත්ත්වය සමනය කර ගැටුම් ඇතිවීම වළක්වා ගැනීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි