පිලිපීන යාත්‍රා චීනයට අයත් Sabina Shoal ගල්පර ආශ්රිත ව මෙහෙයුම් සිදු කිරීම සම්බන්ධයෙන් චීනය අධීක්ෂණ කටයුතු සිදු කරයි.
චීන වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශක Gan Yu මහතා පසුගිය 3 වැනි දා මේ බව පැවසීය. පිලිපීනයේ වෙරළාරක්ෂක බලකායට අයත් යාත්‍රාවක් Sabina Shoal ගල්පර ප්‍රදේශයේ නීත්‍යනුකූල නොවන අයුරින් නැංගුරම් ලා සිටී. පසුගිය 3 වැනි දා සිට පිලිපීනයේ ධීවර හා ජලජ සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මුර සංචාර යාත්‍රා හා එරට ධීවර යාත්‍රා රැසක් එම යාත්‍රාව අසල ක්‍රියා කර තිබේ. චීන වෙරළාරක්ෂක බලාකාය ඔවුන්ගේ ක්‍රියාවන් නිසි අයුරින් අධීක්ෂණය කරමින් පාලනය කර ඇති බව Gan Yu මහතා කියා සිටියේය.
Sabina Shoal ගල්පරය ඇතුළු Nansha දූපත් සමූහය හා ආශ්රිත ප්‍රදේශයේ අවිවාදිත ස්වෛරීභාවය හිමි වනුයේ චීනයටයි. පිලිපීන යාත්‍රා Sabina Shoal ගල්පර ප්‍රදේශයේ නැංගුරම් ලා සිටීම චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්‍රීය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. සිය භෞමික අඛණ්ඩතාව හා සමුද්‍රීය අයිතීන් චීන වෙරළාරක්ෂක බලකාය තරයේ ම සුරැකීමට සූදානම් බව ද චීන වෙරළාරක්ෂක බලකායේ මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කර ඇත.
More Stories
ජනපති චීන නිල සංචාරය අරඹමින් බෙයිජිං නුවරට ළඟා වෙයි
චීනයේ අන්‍යෝන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය තුළින් අඛණ්ඩ ප්රතිලාභ
චීන මාධ්‍ය සමූහයේ වසන්ත උත්සව ප්‍රසංගයේ පළමු පෙරහුරුව පැවැත්වේ