චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා සංස්කෘතික හා ස්වාභාවික උරුමයන්හි ආරක්ෂාව, පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් ශක්තිමත් කිරීමට උපදෙස් ලබා දෙයි.
හෙතෙම පසුගිය දා අදාළ ආයතනවලට එම මාර්ගෝපදේශ ලබා දී තිබේ.
” චීනයේ පරමාදර්ශී නාගරික සැලසුමේ විශිෂ්ට සංකේතය වන බෙයිජිං මධ්‍යම අක්ෂය “, ” බඩේන් ජරන් කාන්තාරය – වැලි කඳු වැව් සමූහය ” සහ ” චීන කහ මුහුදේ සංක්‍රමණික කුරුළු අභයභූමිය ” යනාදි ස්ථාන පසුගිය දා ලෝක උරුම ලැයිස්තුවට සාර්ථකව ඇතුළත් කර ඇත. එමෙන්ම මෙය භෞතික සහ අධ්‍යාත්මික ශිෂ්ටාචාරය සම්බන්ධ වෙමින් මිනිසා සහ ස්වභාවධර්මය අතර සුසංයෝගීව පවතින චීන ලක්ෂණවලින් යුතු නවීකරණය ගොඩනැගීමට පිටුබලයක් ලබා දෙනු ඇති බවත් එම උපදෙස් මගින් පෙන්වා දී ඇත.
මෙම ස්ථාන තුන ම ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කිරීම නිමිති කරගෙන උරුමයන් ආරක්ෂා කිරීමේ ශක්‍යතා නිසි ආකාරයෙන් වැඩිදියුණු කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේ ය. සංස්කෘතික හා ස්වභාවික උරුමයන්හි පැවැත්ම සහ භාවිතය පිළිබඳ වැඩසටහන් අඛණ්ඩව ශක්තිමත් කළ යුතු අතර, ඒ හා සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතා ද ශක්තිමත් කළ යුතු ය. මෙමගින් ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම තවදුරටත් ක්‍රියාවට නංවමින් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් නිර්මාණය කිරීම සහතික කළ හැකි බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
More Stories
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා
“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කොලොම්බියාවේ දී
“මෙක්සිකෝ බොක්ක” නැවත නම් කිරීම සම්බන්ධයෙන් Google සමාගමට එරෙහිව නඩු පැවරිය හැකියි– මෙක්සිකෝ ජනපති