පිලියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සේවක සේවිකාවන් විසි දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ට සහ ලියුම් බෙදන්නෙකුර ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව අහඹු පී සී ආර් පරීක්ෂණය සිදු කර තිබේ.
අනතුරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විසබීජහරණය කිරීමෙන් අනතුරුව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ගයක් තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගනු ඇතැයි වෛද්‍ය වරයා කීය
පිලියන්දර තැපැල් කාර්යාලයට අනුබද්ධ උප තැපැල් කාර්යාල කිහිපයක්ද කොරෝනා වයිරසය හේතුවෙන් වසා දමා ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි .
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්