ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ.
ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ කීහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව පූර්ණ විශ්වාසය තැබිය හැකි වුවත්, ඔහු වටා සිටින ඇතැම් පුද්ගලයන්ගේ ක්‍රියා කලාපය ගැටලු සහගත බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.
‘ඉදිරියේදී ඔබතුමා බලාපොරොත්තු වෙන සෞභාග්‍යයේ දැක්ම නං කවදාවත් පී.බී. ජයසුන්දර වගේ අය ලංකරගෙන ක්‍රියාත්මක කරන්න වෙන්නෙ නෑ. ජනාධිපතිතුමනි, ඔබතුමා පළමුවෙන් කරන්න ඕන කාර්යය තමයි මේ වගේ නිළධාරීන්ගෙන් ඈත් වෙන එක, එවැනි අයගෙ උපදෙස් නොගන්න එක.’
‘එතුමාට රාජ්‍ය තනතුරු දරන්න බෑ කියලා නඩු තීන්දුවකුත් තියනවා. එයාලා කරන්නෙ තමන්ගෙ පුටුව ආරක්ෂා කර ගන්න එක මිසක් රට හදන එක නෙවෙයි. මේ වගේ අය රටට ආදරේ කරයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ නිසා මේ වගේ පුද්ගලයන් වෙනුවට රටට ආදරේ කරන අයගෙ උපදෙස් ගන්න ජනාධිපතිතුමා කල්පනා කළ යුතුයි’
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්