ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (10) දිනයේදී ප්රවෘත්ති සාකච්ජාවක් කැදවා වත්මන් ආණ්ඩුවත් 2010-2015 රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම කටයුතු කරන බව කියමින් ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.
එහිදී කොරෝනා වැළදී මියගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සදහා ආණ්ඩුව අවසර ලබා දී ඇති බවට තව්හිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මාධ්‍ය හමුවේ සදහන් කිරීමටද ඥානසාර හිමියන් පියවර ගත්තේය.
මෙම සංවිධාන සම්බන්ධයෙන් තමන් 2010 වසරේ සිටම රටට අනාවරණය කළ නමුත් අද වනතුරු ඒ පිළිබද සොයාබැලීමක් සිදුව නැති බවට ඥානසාර හිමි චෝදනාවක්ද එල්ල කළේය.
”කරුණාකරලා ආගමික බලපෑම්වලට යට නොවී සෞඛ්‍ය අංශ මතය හරියට කියන්න. මේක හරියට පහදලා මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් කියන්න. සිංහල තේරෙන්නේ නැහැ කිව්වොත් දෙමළෙන් කියන්න. එක්කෝ මේක ආගමික රාජ්‍යයක් වෙන්න ඕනේ එක්කෝ මේක හමුදා රාජ්‍යයක් වෙන්න ඕනේ. මේ ඔක්කොම පටලගෙන මිනිස්සු යම් ටෙන්ෂන් එකක ඉන්නේ දැන්. අපි අපේ අයිතිවසිකමත් ඉල්ලලා, පාංශුකූලය දෙන්න ඕන කිව්වොත් කොච්චර අපහසුතාවට පත්වෙයිද? අපි එතනට යන්නේ නැහැ. රජය තීන්දුවක් ගත්තනම් එක හරියට මිනිස්සුන්ට ගෙනයන්න ඕනේ. එහෙම වැඩපිළිවෙලක් නැහැ.”
අවසානයේ සිදුවන්නේ මෙම මරණ පාදක කරගෙන වහබ්වාදී මතවාදය පෝෂණය වීම වන අතර කිසිලෙසකින් හෝ රට තුළ ඉස්ලාම් අන්තවාදය පෝෂණය වීමට ඉඩ දීමට වත්මන් ආණඩුවට හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ කියා සිටියේ.
මේ වන විට මේ මරණ පිළිස්සීම ගැන මුස්ලිම සමාජය තුළ අන්තර්ජාලය හරහා සංවාදයක් යන බවත් මුස්ලිම් අන්තවාදය ගොඩනැගුණේ අන්තර්ජාලය හරහා බවත් ඥානසාර හිමියෝ කියාසිටියහ.
”අපි කවදාවත් ආගමික අයිතීන් උදුරගන්න ගිහින් නැහැ. නමුත් වසංගත තත්ත්වයක නීතිය හැමෝටම පොදුයි. ජාතිය ආගම,ලස්සන අවලස්සන,උගත් නූගත්,ගිහි පැවිදි බලලා කොරෝනා හැදෙන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට මේ වසංගතය හැදෙන්න පුළුවන්. ඒ නිසා මුස්ලිම් අයට එක නීතියක්,තව කොටසකට තව නීතියක් වෙන්න බැහැ. පහුගිය දවස්වල මම කුරාණයේ, හදීස්වල මේ වැළලීම ගැන ආගමික පාඨයක් තිබෙනවද කියල හොයල බැලුවා. එහෙම දෙයක් නැහැ. මේවා සම්මතවාද. හදාගත්ත දේවල්. ඒ නිසා හදාගත්ත දේවල්වලින් ආගමික ගැටුම් ඇතිවෙන්න ඉඩ නොදිය යුතුයි මේ වෙලාවේ.”
ආණ්ඩුව එය බරපතල ලෙස ගත යුතු අතර එක දශමයකින් හෝ මුස්ලිම් අන්තවාදය වැඩෙන්න ඉඩහැරීමට අවස්ථාවක් නොමැති බවයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටියේ.
ආණ්ඩුව බලයට පැමිණියේම මුස්ලිම් අන්තවාදය අතුගා දමන බවට පොරොන්දුවෙමින් වුවත් තවමත් එය වළක්වා ගැනීමට හැකි වී නැති බවයි උන්වහන්සේ පෙන්වා දුන්නේ.
එහෙයින් සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන අන්දමට කොරෝනා නිසා මරණයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහ වළදැමීමට ජනාධිපතිවරයා ඉඩ දී තිබෙනවාද? අගමැතිවරයා අවසරය දී තිබෙනවාද? අබ්දුල් රාසික් මේ කියන්නේ ඇත්තද යන්න පැහැදිලි කර දිය යුතු බවද උන්වහන්සේ පැවසූහ.
”අපි අහනවා අබ්දුල් රාසික්ව පෝෂණය කරන්නේ තමුන්නාන්සේලාද කියල. අපි අහනවා මේක ඇමරිකන් වුවමනාවක්ද කියල.” යනුවෙන් ඥානසාර හිමියන් වඩිදුරටත් සඳහන් කරන ලදී.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්