රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ඔවුන්ට එදිරිවාදිකම් දක්වන රටවල ලයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සති කිහිපයක තර්ජන සහ අනතුරු ඇඟවීම් වලින් පසුව, රුසියාව අද තමන්ට එරෙහිව ‘මිත්‍රශීලී නොවන ක්‍රියාමාර්ග’ ගත් රටවල් මෙලෙස ලැයිස්තුවකින් එළිකොට තිබේ.
එම රටවලට අයත් සමාගම් මෙන්ම පුරවැසියන්ට ද එරෙහිව රුසියාව මින් ඉදිරියට එදිරිවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එම නිවේදනයත් සමග රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම ප්‍රතිපත්තියට අනුව මින් ඉදිරියට මෙම රටවල පුද්ගලයින්ට වීසා ලබා දීම එම රටවලට අයත් ව්‍යාපාරිකයින්ට රුසියාව තුළ ව්‍යාපාර සිදු කිරීම ආදී කටයුතු වලදී දැඩි සීමා පැනවෙනු ඇත.
ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සියලුම රටවල්, එක්සත් රාජධානිය, යුක්රේනය, මොන්ටිනීග්‍රෝ, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඇන්ඩෝරා, අයිස්ලන්තය, මොනාකෝ රාජ්‍යය, නෝර්වේ රාජ්‍යය, සැන් මැරීනෝ, උතුරු මැසිඩෝනියාව, ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, මයික්‍රොනීසියාව, නවසීලන්තය, සිංගප්පූරුව සහ තායිවානය මෙම ලයිස්තුවට අන්තර්ගත රටවල් ලෙස ඔවුන් දක්වා ඇත .
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට